Monopattino Targa ලබාගන්නේ කෙසේද? | Lankio.it
Lankio.it
🛴🇮🇹📄
2026 Mandatory Rule — අනිවාර්යයි!

ඉතාලියේ Monopattino
"Targa" ලබාගන්නා ආකාරය

මධ්‍යස්ථකරුවන් නොමැතිව, Appointment එකක් ගෙන, ඉතා සරලව ඔනලයින් කරගන්න.

දැන් ඉතාලියේ නීති දැඩි වෙලා නිසා, ඔබ Monopattino පාවිච්චි කරනවා නම් එහි Targa (ලියාපදිංචි අංක තහඩුව) ලබාගැනීම අනිවාර්යයි. මේ සඳහා ඔබට අතරමැදියන් වෙත මුදල් වියදම් නොකර, ඉතාම සරලව අන්තර්ජාලය හරහාම දිනයක් වෙන්කරවා ගෙන Targa එක ලබාගන්න පුළුවන්.

වියදම සහ අවශ්‍ය ලියකියවිලි

මුළු වියදම
34,86

PagoPA හරහා ගෙවිය හැක

අවශ්‍ය ලියකියවිලි
  • ඔබගේ Passport Scan පිටපත
  • PagoPA ගෙවීම් රිසිට්පතේ PDF
  • Allegato 1 Form (බාගත කරගෙන අත්සන් කරන්න)

Allegato 1 Form බාගත කරගන්න

පහත Form එක බාගත කරගෙන (Download), සම්පූර්ණ කර අතින් අත්සන් කර ගොස් රැගෙන යන්න. කාර්යාලයට යාමට ‌ පෙර මෙය අනිවාර්යයෙන්ම සූදානම් කරගෙන සිටිය යුතුය.

Allegato 1 PDF Form — බාගත කරන්න

ඉඟිය: PDF Form එක බාගත කර, print කර, දෙපිටම හොඳින් කියවා සම්පූර්ණ කරන්න. Appointment දිනයේ Original Copy රැගෙන යන්න.

පියවරෙන් පියවර ක්‍රියාවලිය

1
Login
නිල වෙබ් අඩවියට ලොග් වීම

Il Portale dell'Automobilista නිල වෙබ් අඩවියට ළඟා වන්න. ඔබට SPID හෝ CIE (Carta d'Identità Elettronica) හරහා ආරක්ෂිතව ලොග් විය හැක.

Il Portale dell'Automobilista — විවෘත කරන්න
2
Select Operation
නිවැරදි ක්‍රියාව තෝරා ගැනීම

ලොග් වූ පසු, "Tipologia operazione" යටතේ ඇති drop-down හෝ menu ශේණිය නිවැරදිව තෝරන්න:

MONOPATTINIALTRE TIPOLOGIE DI VEICOLIRILASCIO CONTRASSEGNO MONOPATTINI - X001

3
Appointment
Appointment වෙන් කරවා ගැනීම

දත්ත ඇතුළත් කර අවසන් වූ පසු, Booking portal හරහා ඔබට ගැළපෙන දිනයක් සහ වේලාවක් තෝරාගෙන Appointment confirm කරන්න.

Booking Portal — Appointment දාන්න
4
Collection
Targa ලබා ගැනීමට කාර්යාලයට යාම

ඔබ වෙන් කරවා ගත් දිනයේදී (සියලු ලියකියවිලි රැගෙන) පහත ලිපිනයේ කාර්යාලයට ගොස් Targa ලබාගන්න. යාමට පෙර Google Maps හරහා Opening Hours පරීක්ෂා කරගන්නද.


කාර්යාල ලිපිනය

Motorizzazione Civile — Milano

VIA FRANCESCO CILEA
20151, MILANO, Italia

Appointment දිනයේ Google Maps හරහා Opening Hours සහ ගමන් මග නිවැරදිව පරීක්ෂා කරගෙන යන්න.

Spread the love

2 thoughts on “🛴 ඉතාලියේ Monopattino නීති 2026: මිලානෝ (Milan) වලදී තමන්ගේම “Targa” එකක් සරලවම ලබාගන්නා ආකාරය! 🇮🇹📄”

  1. passport, visa, codice fiscale විතරයි තියෙන්නෙ
    Permesso එක process වෙමින් තියෙන්නෙ. මට මගේ scooter එක insurance , registration කරගන්න පුළුවන් ද?

    1. ඔව්, ඔබට ඔබේ scooter එක ලියාපදිංචි කිරීමට (Registration/Targa) සහ ඉන්ෂුවරන්ස් කිරීමට හැකියාව තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය ලේඛන මෙන්න:

      1.Permesso di Soggiorno එකේ Ricevuta එක: මෙය ඔබ ඉතාලියේ නීත්‍යානුකූලව රැඳී සිටින බවට තාවකාලිකව සහතික කරන ලේඛනයයි.

      2.Passport එක: ඔබගේ මුල් පිටපත.

      3.Codice Fiscale: ඔබ සතු කාඩ්පත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top