Lankio.it - Facile Facile A1

🇮🇹 Facile Facile - A1

ඉතාලි භාෂාව මුල සිට සරලව - පාඩම් මාලාව

👋

1. හඳුන්වා දීම

ඔබේ නම සහ ආචාර කිරීම් (Come ti chiami?)

🌍

2. ජාතිකත්වය

ඔබේ රට සහ පුරවැසිභාවය පැවසීම.

📝

3. පුද්ගලික තොරතුරු

ලිපිනය, දුරකථන අංකය සහ වයස.

🏫

4. පන්තිය තුළ

පාසලේදී හෝ වැඩපොළේදී හමුවන පොදු දේවල්.

👨‍👩‍👧‍👦

5. පවුල

පවුලේ සාමාජිකයන් හඳුන්වන නම් (La Famiglia).

🏥

6. ශරීරය සහ සෞඛ්‍යය

ලෙඩක් දුකක් වුණාම පාවිච්චි වන වචන.

Daily Life

7. කාලය සහ වේලාව

වේලාව ඇසීම, පැවසීම සහ මූලික ඉලක්කම්.

Shopping 🛒

8. සාප්පු සවාරි

සුපිරි වෙළඳසැලේදී බඩු මිලදී ගැනීමට අවශ්‍ය වචන.

Home 🏠

9. නිවස

නිවසේ කාමර සහ අත්‍යවශ්‍ය ගෘහ උපකරණ.

Travel 📍

10. නගරය සහ ස්ථාන

නගරයේ පොදු ස්ථාන සහ පාරවල් හඳුනාගැනීම.

Nature ☀️

11. කාලගුණය

කාලගුණය සහ පරිසරය ගැන විස්තර කිරීම.

Work 🛠️

12. රැකියාව සහ වැඩබිම

වැඩපොළේදී නිතර පාවිච්චි වන වචන සහ උපකරණ.

Food 🍕

13. කෑම බීම සහ අවන්හල

කෑම වර්ග සහ රෙස්ටොරන්ට් එකකදී කතා කරන ආකාරය.

Travel 🚌

14. ගමනාගමනය

බස්, දුම්රිය සහ ප්‍රවාහන සේවා භාවිතය.

Mini Challenge

ඔබේ දැනුම පරීක්ෂා කරමුද?

පාඩම් ඇසුරින් සකස් කළ ප්‍රශ්නාවලියට පිළිතුරු දෙන්න.

ඉතාලි භාෂාවේ මූලික ක්‍රියා පද (I Verbi)

ඉතාලි භාෂාවෙන් වාක්‍යයක් ගොඩනැගීමේදී ක්‍රියා පද ඉතාමත් වැදගත් වේ. ඕනෑම ක්‍රියා පදයක් එහි අවසානය අනුව ප්‍රධාන කොටස් 3කට බෙදිය හැකිය. පහත Tabs භාවිතා කර එම කාණ්ඩ 3න් ක්‍රියා පද වර්තමාන කාලයේදී (Presente) වෙනස් වන ආකාරය ඉගෙන ගන්න.

Lesson 15

Parlare (කතා කරනවා)

උක්තය (Subject) අනුව ක්‍රියා පදයේ අවසානය වෙනස් වන ආකාරය බලන්න.

Io parloමම කතා කරනවා
Tu parliඔයා කතා කරනවා
Lui parlaඔහු/ඇය කතා කරනවා
Noi parliamoඅපි කතා කරනවා
Voi parlateඔබලා කතා කරනවා
Loro parlanoඔවුන් කතා කරනවා
සටහන: බොහෝ ක්‍රියා පද මෙම රටාවට අනුව වෙනස් වේ. (උදා: Lavorare, Mangiare, Studiare)
Lesson 16

Prendere (ගන්නවා)

මෙහිදී 'Lui' සහ 'Voi' අවස්ථා වලදී 'E' අකුර භාවිතයට අවධානය දෙන්න.

Io prendoමම ගන්නවා
Tu prendiඔයා ගන්නවා
Lui prendeඔහු/ඇය ගන්නවා
Noi prendiamoඅපි ගන්නවා
Voi prendeteඔබලා ගන්නවා
Loro prendonoඔවුන් ගන්නවා
Lesson 17

Partire (පිටත් වෙනවා)

මෙහිදී 'Voi' අවස්ථාවේදී 'I' අකුර (Partite) පාවිච්චි වේ.

Io partoමම පිටත් වෙනවා
Tu partiඔයා පිටත් වෙනවා
Lui parteඔහු/ඇය පිටත් වෙනවා
Noi partiamoඅපි පිටත් වෙනවා
Voi partiteඔබලා පිටත් වෙනවා
Loro partonoඔවුන් පිටත් වෙනවා
LESSON 18: ESSERE

Essere ක්‍රියා පදය

වෙනවා / සිටිනවා (To Be)

වැදගත්: ඔබ කවුද, කොහේද සිටින්නේ සහ ස්වභාවය විස්තර කිරීමට මෙය අත්‍යවශ්‍ය වේ. මෙය අක්‍රමවත් (Irregular) ක්‍රියා පදයක් බැවින් මෙය ඒ ආකාරයෙන්ම කටපාඩම් කළ යුතුය.
Io sonoමම වෙනවා / මම සිටිනවා
Tu seiඔයා වෙනවා / ඔයා සිටිනවා
Lui è / Lei èඔහු / ඇය වෙනවා
Noi siamoඅපි වෙනවා / අපි සිටිනවා
Voi sieteඔබලා වෙනවා / ඔබලා සිටිනවා
Loro sonoඔවුන් වෙනවා / ඔවුන් සිටිනවා

උදාහරණ වාක්‍ය:

Io sono felice - මම සතුටින් සිටිමි
Lui è a casa - ඔහු නිවසේ සිටී
LESSON 19: AVERE

Avere ක්‍රියා පදය

සතුයි / තිබේ (To Have)

වැදගත්: ඉතාලි භාෂාවේදී "H" අකුර ශබ්ද නොකරයි (Silent H). එම නිසා Ho යන්න "ඔ" ලෙසද, Hai යන්න "ආයි" ලෙසද ශබ්ද කළ යුතුය.
Io hoමට තිබේ / මා සතුයි
Tu haiඔයාට තිබේ / ඔයා සතුයි
Lui ha / Lei haඔහුට / ඇයට තිබේ
Noi abbiamoඅපට තිබේ / අපි සතුයි
Voi aveteඔබලාට තිබේ / ඔබලා සතුයි
Loro hannoඔවුන්ට තිබේ / ඔවුන් සතුයි

වයස සහ අවශ්‍යතා පැවසීමට:

Io ho 20 anni - මට වයස අවුරුදු 20 කි
Ho fame - මට බඩගිනියි
Hai ragione - ඔයා නිවැරදියි (ඔයා කියන දේ හරි)
LESSON 20: DAILY PHRASES

දෛනික ජීවිතයේ වාක්‍ය

Frasi Utili per la Vita Quotidiana

සමාජීය සන්නිවේදනය (Social)
Come stai?ඔයාට කොහොමද?
Sto bene, grazieමම සතුටින් සිටිමි, ස්තූතියි
උදව් ඉල්ලීම (Asking for Help)
Puoi aiutarmi?ඔයාට මට උදව් කරන්න පුළුවන්ද?
Non capiscoමට තේරෙන්නේ නැහැ
Puoi ripetere, per favore?කරුණාකර එය නැවත කියන්න පුළුවන්ද?
වැඩබිමේදී සහ සාප්පුවේදී (Work & Shop)
Quanto costa?මේකේ මිල කීයද?
Ho finito il mio lavoroමම මගේ වැඩ අවසන් කළා

ඉතාලි භාෂාව - පුහුණු පරීක්ෂණය

Question 1 of 10

ප්‍රශ්නය මෙතැනට...
ස්තූතියි!

Scroll to Top