Digital Security 2026

ඉතාලියේ ඕනෑම රජයේ වැඩකට අත්‍යවශ්‍ය SPID ගිණුමක් සාදාගන්නා ආකාරය

SPID යනු කුමක්ද?

SPID (Sistema Pubblico di Identità Digitale) යනු ඉතාලි රජයේ වෙබ් අඩවි වලට පිවිසීමට ඇති "ඩිජිටල් හැඳුනුම්පත" වේ. මෙය තිබීමෙන් ඔබට ASL, INPS, Agenzia delle Entrate වැනි ආයතන වලට නොගොස් ඔබේ ජංගම දුරකථනයෙන්ම බොහෝ වැඩ කරගත හැක.

ලියාපදිංචි වීමට අවශ්‍ය දේවල්

Carta d'Identità
Codice Fiscale
Mobile Number
Email Address

SPID සාදාගන්නා පියවරයන්

STEP 01

සේවා සපයන්නෙකු තෝරාගැනීම (Identity Provider)

ඉතාලියේ SPID ලබාදෙන ආයතන කිහිපයක් තිබේ. මින් ජනප්‍රියම සහ ලේසිම ක්‍රමය වන්නේ PosteID (Poste Italiane) වේ. මීට අමතරව Aruba, Sielte, සහ InfoCert හරහාද මෙය ලබාගත හැක.

STEP 02

අන්තර්ජාලය හරහා පෝරමය පිරවීම

තෝරාගත් ආයතනයේ වෙබ් අඩවියට හෝ App එකට ගොස් ඔබේ පෞද්ගලික විස්තර ඇතුළත් කරන්න. එහිදී ඔබගේ හැඳුනුම්පතේ සහ බදු අංකයේ ඡායාපිටපත් අප්ලෝඩ් කිරීමට සිදුවේ.

STEP 03

ඔබව තහවුරු කිරීම (Identity Verification)

ඔබේ අනන්‍යතාවය තහවුරු කිරීමට ක්‍රම කිහිපයක් තිබේ:

  • Poste Office: තැපැල් කාර්යාලයට ගොස් තහවුරු කිරීම.
  • CIE: ඔබේ ඉලෙක්ට්‍රොනික හැඳුනුම්පත (CIE) දුරකථනයට ස්පර්ශ කිරීමෙන්.
  • Video Call: ආයතනයේ නිලධාරියෙකු සමඟ වීඩියෝ ඇමතුමකින්.
අවධානයට: ඔබේ SPID මුරපදය (Password) කිසිවෙකුට ලබා නොදෙන්න. එය ඔබේ බැංකු ගිණුම් සහ පුද්ගලික විස්තර වලට ඇතුළු වීමට ඇති යතුරයි.

SPID එකෙන් ඔබට ලැබෙන වාසි

1. Bonus ඉල්ලුම් කිරීම: රජයෙන් දෙන විවිධ සහනාධාර (Bonuses) වලට ඉල්ලුම් කිරීම.
2. INPS: ඔබේ විශ්‍රාම වැටුප් සහ සේවා කාලය පරීක්ෂා කිරීම.
3. Health: රෝහල් වාර්තා බැලීම සහ පරීක්ෂණ සඳහා වේලාවන් වෙන් කිරීම.

Spread the love

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top