ඉතාලියේ Monopattino
"Targa" ලබාගන්නා ආකාරය
මධ්‍යස්ථකරුවන් නොමැතිව, Appointment එකක් ගෙන, ඉතා සරලව ඔනලයින් කරගන්න.
වියදම සහ අවශ්‍ය ලියකියවිලි
PagoPA හරහා ගෙවිය හැක
-
ඔබගේ Passport Scan පිටපත
-
PagoPA ගෙවීම් රිසිට්පතේ PDF
-
Allegato 1 Form (බාගත කරගෙන අත්සන් කරන්න)
Allegato 1 Form බාගත කරගන්න
පහත Form එක බාගත කරගෙන (Download), සම්පූර්ණ කර අතින් අත්සන් කර ගොස් රැගෙන යන්න. කාර්යාලයට යාමට පෙර මෙය අනිවාර්යයෙන්ම සූදානම් කරගෙන සිටිය යුතුය.
Allegato 1 PDF Form — බාගත කරන්නඉඟිය: PDF Form එක බාගත කර, print කර, දෙපිටම හොඳින් කියවා සම්පූර්ණ කරන්න. Appointment දිනයේ Original Copy රැගෙන යන්න.
පියවරෙන් පියවර ක්‍රියාවලිය
Il Portale dell'Automobilista නිල වෙබ් අඩවියට ළඟා වන්න.
ඔබට SPID හෝ CIE (Carta d'Identità Elettronica)
හරහා ආරක්ෂිතව ලොග් විය හැක.
ලොග් වූ පසු, "Tipologia operazione" යටතේ ඇති
drop-down හෝ menu ශේණිය නිවැරදිව තෝරන්න:
MONOPATTINI → ALTRE TIPOLOGIE DI VEICOLI
→ RILASCIO CONTRASSEGNO MONOPATTINI - X001
දත්ත ඇතුළත් කර අවසන් වූ පසු, Booking portal හරහා ඔබට ගැළපෙන දිනයක් සහ වේලාවක් තෝරාගෙන Appointment confirm කරන්න.
Booking Portal — Appointment දාන්නඔබ වෙන් කරවා ගත් දිනයේදී (සියලු ලියකියවිලි රැගෙන) පහත ලිපිනයේ කාර්යාලයට ගොස් Targa ලබාගන්න. යාමට පෙර Google Maps හරහා Opening Hours පරීක්ෂා කරගන්නද.
කාර්යාල ලිපිනය
Motorizzazione Civile — Milano
VIA FRANCESCO CILEA
20151, MILANO, Italia
Appointment දිනයේ Google Maps හරහා Opening Hours සහ ගමන් මග නිවැරදිව පරීක්ෂා කරගෙන යන්න.
ගැටලු ඇත්නම් හෝ ප්‍රශ්නනයක් ඇත්නම් Lankio.it comment section එකේ අදහස් දක්වන්න. 🙏

passport, visa, codice fiscale විතරයි තියෙන්නෙ
Permesso එක process වෙමින් තියෙන්නෙ. මට මගේ scooter එක insurance , registration කරගන්න පුළුවන් ද?
ඔව්, ඔබට ඔබේ scooter එක ලියාපදිංචි කිරීමට (Registration/Targa) සහ ඉන්ෂුවරන්ස් කිරීමට හැකියාව තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය ලේඛන මෙන්න:
1.Permesso di Soggiorno එකේ Ricevuta එක: මෙය ඔබ ඉතාලියේ නීත්‍යානුකූලව රැඳී සිටින බවට තාවකාලිකව සහතික කරන ලේඛනයයි.
2.Passport එක: ඔබගේ මුල් පිටපත.
3.Codice Fiscale: ඔබ සතු කාඩ්පත.