Italy Family Reunification 2026: Complete Guide (Italy to Sri Lanka) - Lankio.it

ඉතාලි පවුලේ වීසා (Family Reunification) 2026
සම්පූර්ණ ක්‍රියාවලිය: ඉතාලියේ සිට ශ්‍රී ලංකාව දක්වා

ඉතාලියේ පදිංචි ඔබ, ඔබගේ පවුලේ සාමාජිකයන් (බිරිඳ/සැමියා, දරුවන් හෝ දෙමාපියන්) ගෙන්වා ගැනීමේදී අනුගමනය කළ යුතු සම්පූර්ණ නීත්‍යානුකූල පියවර මෙහි දැක්වේ. මෙය ඉතාලි සංක්‍රමණ නීතියේ (Legislative Law 286/98) 28, 29 වගන්ති ප්‍රකාරව සකස් කර ඇත.

අදියර 01 ඉතාලියේදී සිදුකළ යුතු කාර්යයන් (Prefettura Process)

1. Nulla Osta අයදුම් කිරීම

ඔබ පළමුව Portale ALI (https://portaleservizi.dlci.interno.it/) හරහා ඔන්ලයින් අයදුම්පතක් ඉදිරිපත් කළ යුතුය. මෙහිදී ඔබගේ පවුලේ සාමාජිකයා අනුව S1, S2 හෝ S3 පෝරම පිරවිය යුතුය.

2. අවශ්‍ය සුදුසුකම්:

  • නිවාස සහතිකය (Idoneità Alloggiativa): ඔබ පදිංචි නිවස සාමාජිකයන් ගණනට සරිලන බව Comune එකෙන් සහතික කළ යුතුය.
  • ආදායම් වාර්තාව (Income): ඔබේ වාර්ෂික ආදායම 'Social Allowance' (Assegno Sociale) සීමාවන්ට වඩා වැඩි විය යුතුය. (සාමාජිකයන් වැඩිවන විට අවශ්‍ය ආදායමද වැඩිවේ).
  • පදිංචි බලපත්‍රය: අවම වසරක වලංගු කාලයක් සහිත Permesso di Soggiorno එකක් තිබිය යුතුය.

අදියර 02 ලංකාවේදී ලේඛන සහතික කිරීම (Legalization)

Nulla Osta එක ලැබුණු පසු ලංකාවේ සිටින ඔබේ පවුලේ අය පහත පියවර අනුගමනය කළ යුතුය:

  1. විදේශ කටයුතු අමාත්‍යාංශය: මුල් සහතික (විවාහ/උප්පැන්න) විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් (Consular Office) සහතික කරවා ගැනීම.
  2. VFS Legalization: සහතික කළ ලේඛන සහ ඒවායේ ඉතාලි පරිවර්තන VFS Global මධ්‍යස්ථානයට බාරදිය යුතුය. VFS එක හරහා මෙය ඉතාලි තානාපති කාර්යාලය වෙත යවා Legalize කරවා ගත යුතුය.
අකුරු පරීක්ෂා කිරීම (Spelling Check):
VFS එක හරහා පරිවර්තනය කර සහතික කර දෙන ලේඛනවල නම්වල අකුරු (Spelling) වැරදීමට ඉඩ ඇත. බාරදීමට පෙර සහ ලබාගත් පසු පාස්පෝට් එකේ ඇති ආකාරයටම අකුරු නිවැරදිදැයි 100% ක් සහතික කරගන්න. එක අකුරක් හෝ වැරදුනහොත් වීසා ප්‍රතික්ෂේප විය හැක.

අදියර 03 වීසා අයදුම් කිරීම (VFS Visa Application)

අවසාන පියවර ලෙස VFS Global හරහා වීසා සඳහා දිනයක් වෙන් කරවාගෙන (Appointment) ලේඛන බාරදිය යුතුය.

  • මාස 16ක් වලංගු ගමන් බලපත්‍රය.
  • Nulla Osta මුල් පිටපත.
  • වයස 65ට වැඩි දෙමාපියන් නම්, ලංකාවේ ඔවුන් රැකබලා ගැනීමට වෙනත් දරුවන් නැති බවට වාර්තා.
  • බාලවයස්කාර දරුවන් සඳහා දෙමාපියන්ගේ අනුමැතිය (Parental Consent).

අදියර 04 ඉතාලියට පැමිණීමෙන් පසු

  • පැය 48ක් ඇතුළත: නිලධාරීන්ට දැනුම් දීම (Declaration of Hospitality).
  • දින 8ක් ඇතුළත: පදිංචි බලපත්‍රය (Permesso) සඳහා තැපැල් කිට් එක (Kit Giallo) යැවීම.
Spread the love

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top